උණුසුම් කාලගුණය ජූනි මස තෙක් පවතින ලකුණු

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ජුනි මස මුල් සතිය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම උණුසුම් කාලගුණයෙන් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ඉදිරියටත් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. එළිමහන් වැඩබිමක සේවය කරන පිරිස් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමත්, විටින් විට අව් රශ්මිය මඟ හරිමින් සෙවණකටවී සිටීම සුදුසු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි .

අධික හිරු රශ්මියට නිරාවරණය වන්නේ නම් කුඩයක් හෝ හිස් වැසුමක් පළඳින ලෙසත් ලා පැහැති ඇඳුම් ඇඳීම වඩාත් සුදුසු බවයි ආසියා ශාන්තිකර සෞඛ්‍ය සංවිධානයේ මහලේකම් මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කරයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *