ඉම්රාන් අධිකරණයට පැමිණෙයි. වරෙන්තු අවලංගුයි.

දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පාකිස්තානයේ අධිකරණයක් විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කර ඇති බව ඛාන්ගේ නීතිඥවරයා පවසයි.

ඛාන්ගේ නීති කණ්ඩායමේ සාමාජික වන ෆයිසාල් ෆරීඩ් චෞද්‍රි අල් ජසීරා වෙත පැවසුවේ ඉස්ලාමාබාද් අධිකරණය ඉම්රාන්ට එරෙහි නඩුව කල් තැබූ බවත්, මාර්තු 30 වන දින මීළඟ නඩු විභාගයේදී ඔහුගේ පැමිණීම සහතික කරන ලෙස හිටපු අගමැතිවරයාට උපදෙස් දුන් බවත්ය.

ඛාන් අධිකරණයේ පෙනී සිටීම නිල වශයෙන් සලකුණු කිරීමෙන් පසුව වරෙන්තු අවලංගු කරන ලදී. ඛාන්ගේ මෝටර් රථය උසාවි ගොඩනැගිල්ලේ ගේට්ටුව වෙත ඊයේ ළඟා වූයේ පොලිසිය සහ ඔහුගේ පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ආධාරකරුවන් අතර ගැටුම් උත්සන්න වෙමින් පැවතියදීය

තම සේවාදායකයා අධිකරණයට ඇතුළු වීමට උත්සහ කළද පොලිසිය ඔහුට ආඛණ්ඩව බාධා කළ බවත්, එබැවින් ඔහුට උසාවියෙන් පිටත සිය වාහනයේ සිටීමට සිදු වූ බවත් නීතිඥ ෆයිසාල් ෆරීඩ් චෞද්රි පැවසීය.

ලාහෝර්හි පොලිසිය ඛාන්ගේ නිවසට කඩා වැදීම සඳහ බර යන්ත්‍ර යොදාගෙන නිවසෙ ගේට්ටුව කඩා දම ඇති අතර එහිදී පීටීඅයි ආධාරකරුවන් සහ නිලධාරීන් අතර දරුණු ගැටුමක් ඇති විය. එම අවස්ථාවේ 60කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉම්රාන්ගේ නිවසෙ තිබී රයිෆල් සහ උණ්ඩ විශාල ප්‍රමාණයක් ඇතුළු ආයුධ සොයා ගත් බවත්, එහි සිටි PTI ආධාර කරුවන් පොලීසියට වෙඩි තැබූ බවත් පන්ජාබ් පොලිසියේ පරීක්ෂක ජනරාල් උස්මාන් අන්වර් පැවසීය .

ඉම්රාම් ඛාන් මෙම වැටලීම හෙළා දකින අතර එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ පමනක් නිවසේ තනිව සිටිබව ඔහු පවසයි.

”බුෂ්රා බෙගම් තනිව සිටියදී මගේ නිවසට පන්ජාබ් පොලිසිය ප්‍රහාරයක් එල්ල කර ඇත,” මොන නීතියක් යටතේද මුන් මෙහෙම කරන්නේ? ” යනුවෙන් ඔහු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් විමසා සිටී.

දින කිහිපයක් උසවිය මග හරිමින් සිටි ඉම්රාන් ඛාන් උසාවියට ඉදිරිපත් වීමත් සමගම පොලිසිය සහ පීටීඅයි ආධාරකරුවන් අතර තවත් ගැටුම් ඇති විය.

ඉස්ලාමාබාද් පොලිසිය ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් සභාපති ඉම්රාන් ඛාන්ගේ වාහනයට ප්‍රහාර එල්ල කරන ලද බව පී.ටී.අයි පක්ෂය උර්දු බසින් සිය ට්විටර් ගිණුමේ ලියා තිබේ. අධිකරණයට පැමිණීම අවහිර කර ඉම්රාන් අත් අඩංගුවට ගැනීම පාකිස්ථාන පොලිසියේ අරමුන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු අල් ජසීරා මාධ්‍යට පවසාඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *