ඉන්දීයාවෙන් ඖෂධ ගෙන්වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නා.

ඒ අනුව අදාල සමාගම් වලින් දැනටමත් ආනයනය කර තිබෙන ඖෂධ තොග පිළිබඳ අදාළ ලේඛන ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර එහි නිසි ප්‍රමිතියක් පවතින බවට තහවුරු නම් පමණක් ඒවා මුදා හැරීමට හැකියාව තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේ.

ඊට අමතරව ආනයනය කිරීමට නියමිත ඖෂධ තොග වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවශ්‍ය තහවුරු කරගැනීමක් කරගන්නා තෙක් ඒවා වැඩිදුර ආනයනය කිරීම වලක්වාලීමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *