ආසියාවේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් දැඩි අවදානමක්

දේශගුණික විපර්යාස හේතුවෙන් ආසියාවේ උෂ්ණත්වය අනපේක්ෂිත අයුරින් ඉහළ ගොස් ඇතැයි නවතම අධ්‍යනයකින් අනාවරණ වී තිබේ.

පසුගිය මාසයේ ආසියාවේ බොහෝ රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 02කින් ඉහළ ගොස් ඇති බවත්, උෂ්ණත්වයට බලපාන තාප තරංග 30 ගුණයකින් වැඩි වී ඇති බවටද එහි වැඩිදුරටත් සදහන් ය.

උෂ්ණත්වය වැඩිවීම දැඩි ලෙස බලපා ඇත්තේ ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය සහ ලාඕසය යන රටවලට බවත්, එම රටවල අප්‍රේල් මාසයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් දක්වා වැඩිවී තිබෙන අතරම චීනය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලද උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇති බවයි නවතම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.
මෙලෙස උෂ්ණත්වය ඉහල යාම හේතුවෙන් පුද්ගල මරණ, හදිසි රෝගාතුරවීම්, එකවර ලැව්ගිනි ඇතිවීම, මහාමාර්ග උණුවීම ඇතුළු අනිසි ප්‍රතිපල ඇති විය හැකි බවයි පර්යේෂකයින් අනතුරු අඟවා ඇත.

එමෙන්ම තවත් වසර හතරක් ඇතුලත ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 යි දශම 5 කින් ඉහළ යාමට සියයට 66 ක සම්භාවිතාවක් ඇති බව විද්‍යාඥයින්ගේ මතය වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇.
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *