ආර්ජන්ටිනාවේ උද්ධමනය 100% ඉක්මවා යයි

ආර්ජන්ටිනාවේ උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී 100% ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

1991 වසරේ සිට එරට අධිඋද්ධමන තත්ත්වයකට මුහුණදෙයි. මෙවර උද්ධමනය 100% ඉක්මවා ගොස් ඇත්තේ පළමු වරටය. ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී උද්ධමනය 102.5%ක් ලෙසට වර්තා වේ.

පෙබරවාරි මාසයේ දී පමණක් උද්ධමනය සියයට 6.6 කින් ඉහළ ගොස් ඇති අතර, වඩාත්ම බලපෑමට ලක්වූ අයිතම කාණ්ඩය ලෙස ආහාර පාන හඳුනාගෙන ඇත. මස්, කිරි සහ බිත්තර නිෂ්පාදන සඳහා ඉහළ මිල ගණන් සඳහා ආහාර පිරිවැය සියයට 9.8කින් වැඩි වී ඇත.

මේ හේතුවෙන් එරට ජනතාව එදිනෙදා අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමට නොහැකිව දැඩි ලෙස අසරණව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *