ආණ්ඩුව හෙට සිට සහල් බෙදයි.

මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් මිලදී ගත් වී සහල් බවට පත් කර අඩු අදායම් ලාභීන්ට බෙදාහැරීම හෙට (27) සිට ආරම්භ කරනා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

දේශීය ගොවීන්ට සහය වන අතර අවශ්‍යතා ඇති පවුල් සඳහා ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා මෙම වැඩසටහනේ අරමුණ බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මීට අමතරව සෑම පවුලකටම මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 2ක කාලයක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඉල්ලීම පරිදි කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක බෙදා හැරීම සිදු කිරීමට නියමිතය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *