ආගමික නිදහස වෙනුවෙන් නව පනතක්

ආගමික නිදහස සහ එහි ආරක්ෂාව පිළිබඳව නව පනතක් ගෙනඒමට ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

ආගම්වලට අපහස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය හා එක්ව විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බවත් පසුගිය දා බුදුදහමට අපහස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීමෙන් බවත් විදුර වික්‍රමනායක අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක ,

“මේ සිදුවීගෙන යන ක්‍රියාවන් සම්බන්ධව, මේවා වැළැක්වීමට පොලීසිය හා සම්බන්ධව අපි වැඩපිළිවෙළක් යොදාගෙන තිබෙනවා. මම දැක්කා කොහෙදී හෝ කියලා තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යාංශය නිදාගෙන ඉන්නවා කියලා. නෑ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇහැරිලා පැය 24ම. ඒ නිසාම තමයි පැය ගණනක් ඇතුළත් මෙවැනි දේවල් අන්තර්ජාලයට මුදාහරින කොටම ඒ පිළිබඳව පියවර ගත්තේ. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව පනතක් ගෙන ඒමට පාර්ලිමේන්තු

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *