”අරගල කාලයේදී ශවේන්ද්‍ර උපදෙස් ගත්තේ මගෙන්” ෆිල්ඩ් මාෂල් කියයි

පසුගිය වසරේ ජුනි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මාලදිවයිනට පලායාමෙන් පසු පාර්ලිමේන්තුව අවට සිදු වූ සිදුවීම් වලදී හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා තමාගෙන් උපදෙස් ලබාගත් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ හිටපු හමුදාපතිවරයා අවස්ථා දෙකකදී තමාගෙන්ම උපදෙස් පැතු බවත්,ඒ සෑම අවස්ථාවකම තමා විසින් ඔහුට උපදෙස් ලබා දුන් බවත්ය. තමා දුන් උපදෙස් වලට අනුව ඔහු ක්‍රියා කර ඇති බව පෙනී යන බවත් එම අවස්ථාවේ තමා යුද හමුදාපති ධුරයේ සිටියත් එම ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය .

අරගල සමයේ හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ක්‍රියාකලාපය රජයේ අප්‍රසාදයට ලක්ව තිබේනා අතර ඔහුගේ ක්‍රියා කළාපය ගැන විමර්ශණයක් පැවැත්විය යුතු බවද ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අවස්ථා ගණනකදීම පවසා ඇත. ඔහු මේ බව පැවසූවේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමිනි. එම සාකච්චාව පහතින් නරඹන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *