අයෝජන ගේන්න දිලුම්ගෙන් තානාපතිවරු පස් දෙනෙක්

රටක ආයෝජනයක් කිරීමට පෙර ඔනෑම ආයෝජකයෙක් ඒරටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව පිළිබදව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ ඵලවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකු වත් මෙරට දිහා බලන්නේ වත් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. යම් රටක දේශපාලන ස්ථාවර භාවය,ශ්‍රම බලකාය, නීති හා අණපනත්, භූගෝලීය පිහිටීම වැනි කරුණු රාශියක් පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව තම ආයෝජනය පිළිබදව සිතන ආයෝජකයා තම ආයෝජනය සම්බන්ධයෙන් අවධානමක් ගැනීමටද කිසි විටකත් නොසිතයි. කලාපයේ අනෙකුත් රටවල්ද ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට විශාල තරගයක නිරත වන මෙවන් අවධියක මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ යුතු බව හෙතෙම පවසයි.

ඔනෑම ආයෝජකයෙකුට විශ්වාසනීයම හා පහසුම ආයෝජන ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත් කිරීමට සියළු පාර්ෂවයන් ඉක්මනින් කටයුතු කළ යුතු බවත්, යල්පැන ගිය වඩාත් වෙහෙසකර ක්‍රමවේදයන්ගෙන් බැහැරව ක්ෂ් ණික, විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදයන් හදුන්වාදිය යුතු බවද අමුණුගම මහතා අවධාරණය කරයි.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම අදහස් ඵල කළේ ආයෝජන ප්‍රවර්ධනය සදහා තෝරාගත් රටවල් 5ක් සදහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු 05 දෙනෙකු පත්කරමින් පත්වීම් ලිපි ප්‍රධානය කරමිණි.

මෙම සන්නාම තානාපතිවරුන් මෙම කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් වන අතර එම රටවල ආයෝජකයන් ව්‍යාපාරිකයන් අතර පිළිගැනීමට ලක් වුවන්ය. ඉන්දියාව වෙනුවෙන් ශිවා සුබ්‍රමනියම්, මැලේසියාව සදහා මෙහොමඩ් හිල්මි කරීම් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් තක්ෂිල ප්‍රේමසිරි දකුණු කොරියාවේ සන්නාම තානාපති ලෙස සංජීව සුරවීර සහ මහා බ්‍රිතාන්‍ය සදහා කන්නයියා ගජන් යන මහත්වරු මෙසේ පත්වූහ.

මෙම සන්නාම තානාපතිවරුන්ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම රටවල ආයෝජන ප්‍රවර්ධනය සදහා අවස්ථාව ලැබෙන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග සෘජුවම කටයුතු කළ හැක.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *