අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම සදහා මෙරට සංචාරය කිරීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මෙලනයේ නවතම පූර්ණ සාමාජිකත්වය ලද රටවන අයර්ලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරට සංචාරය කරනා පලමු අවස්ථාව මෙය වෙයි

ශ්‍රී ලංකා පිල 20-20 ජාත්‍යන්තර තරග කිහිපයකදී අයර්ලන්තය හා තරග වැඩී ඇති මුත් දෙපිල ටෙස්ට් තරගයකට මුහුණදෙන්නේ පළමුවරටය.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *