අටමස්තානාධිපතිගේ කෝටි එකොළහක වාහන අධිකරණයෙන් බෙදාදෙයි

අපවත්වී වදාල හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් සතුව තිබූ රුපියල් කෝටි එකොළහකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජීප් රථයක, මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති පල්ලේගම හේමරතන නා හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසත්, හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසටත් අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී. පියරත්න නියෝග කළා‍ය.

හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ සුඛෝපභෝගි වාහන හතරක අයිතිය සම්බන්ධයෙන් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පැවති නඩුවක් සමථයට පත් කර ගැනීමට මෙම නඩුවේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් ඇති කර ගත් සමථ එකඟතාවයක් සළකා බලමින් විනිසුරුවරිය මේ නියෝගය ලබා දුන්නාය.

ඒ අනුව එන්සී/සීබීඑල් 5353 අංක දරණ ටොයෝටා ලෑන්ඩ් කෲසර් V8 වර්ගයේ අධි සුඛෝපභෝගි ජීප් රථය සහ එන්සී/පීසී 8445 අංක දරණ ටොයෝටා Hilux වර්ගයේ කැබ් රථය සහ එන්සී/කේඩබ්ලිව් 9988 අංක දරණ ටොයෝටා ප්‍රිමියෝ වර්ගයේ මෝටර් රථය වත්මන් අටමස්ථනාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභාවට බාර දෙන ලෙසටත්, එන්සී/සීඒඩබ් 1210 අංක දරණ හොන්ඩා වෙසෙල් වර්යේ ජීප් රථය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන පී එම් චන්දානන්ද යන අයට පැවරීමටත් දිසා විනිසුරුවරිය නියෝග කළා

අනුරාධපුර නගරයේ බැංකු පෙදෙසේ ව්‍යාපාරිකයකු වන පී එම් චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ මේ නඩුව පවරා තිබූනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *