අගමැතිගෙන් චීන බෞද්ධ ජනතාවට ස්තුතියක්.

ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථානවලට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට උපකාර කිරීම සඳහා චීන බෞද්ධ ප්‍රජාව සිදු කරන පිංකම් පිළිබඳ ශ්‍රී ලංකාව සැමවිටම කෘතඥ වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, චීන බෞද්ධයන් විසින් පරිත්‍යාග කරන ලද වියළි ආහාර ද්‍රව්‍ය, අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙදාදීම වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයක දීය.

එවන් කුසල් ක්‍රියාවන් මගින් චීන ජනතාව සතුටේ දි මෙන්ම දුෂ්කර අවස්ථාවල දී ද චීන බෞද්ධ ජනතාව ළඟින් සිටින කල්‍යාණ මිත්‍රයන් බව ඔප්පු කර පෙන්වා තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා, මෙම පුණ්‍යකර්මය සංවිධාන කිරීම පිළිබඳව කිරින්දේ අස්සජි හිමියන්ට, චීන තානාපති Qi Zhenhong මහතාට සහ ශ්‍රී ලංකා – චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයට ස්තුතිය පුද කරන බව ද කීය.

චීන තානාපති Qi Zhenhong මහතා දෙරට අතර පැරණි මිත්‍රත්වය සිහිපත් කළ අතර, චීන නායක Mao Zedong (මාඕ සේතුං) සහ Zhou Enlai සමඟ සමීප සබඳතා පැවැත්වූ දිවංගත අමාත්‍යවරුන් වන R G සේනානායක සහ පිලිප් ගුණවර්ධන යන අය පිළිබඳ විශේෂ සඳහනක් කළේ ය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *