ෆින්ලන්ඩ් සමාගමට මත්පැන් නිෂ්පාදනය බලපත්‍රය – බදු පොලු තැබූ සමාගම් 4 කට තහනම දිගටම

මත්පැන් නිෂ්පාදනය තහනම් කර තිබූ සමාගම් පහෙන් ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගම නියමිත පරිදි බදු ගෙවීමෙන් පසුව, අදාල සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබාදී තිබේ.

මේ වන විට බලපත්‍රය ලබාගෙන ඇත්තේ ෆින්ලන්ඩ් සමාගම පමණක් බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

හිග බදු ගෙවා නොමැති මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටලරීස්, සිනේජි ඩිස්ටලරීස් සහ රන්දෙනිගල ඩිස්ටලරීස් යන සමාගම්වලට පනවා ඇති බලපත්‍ර තහනම තවදුරටත් ක්‍රියාත්මක බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *