හෝටලයට ගිනි තැබූ සංචාරකයා ඒ ගින්නෙන්ම පිළිස්සි රෝහලේ .

වැලිගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ලැගුම්ගෙන සිටි විදේශිකයකු සහ එහි හිමිකරු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම නිසා එම සංචාරකයා හොටල් හිමියාට තියුණු ආයුධයකින් පරදි ඇති බව වාර්තා වෙයි .

පහරදීමෙන් පසු පසු විදේශිකයා තමා සිටි කාමරයට ගිනි තබා ඔහුද ද එම ගිනි ගොඩට පැන ඇත. පසුව කෝටල් හිමියා සහ එහි සිටි අනෙක් අය එක්වී ඔහු රෝහල්ගතකර ඇත. සුළු පිළිස්සුම් තුවාල සහිතව එම සංචාරකයා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය පවසයි .

33 හැවිරිදි වියේ පසුවූ මෙම සංචාරකයා ඊජිප්තු ජාතිකයෙක් බවත්, ඔහු වසර තුනක පමණ කාලයක සිට මෙම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිට ඇති බවත් මාසයක පමණ කාලයක සිට මෙම සංචාරක නිකේතනයට මුදල් ගෙවා නැති බවත් වාර්තාවේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *