හිඟ ඖෂධ 146 ක් ගෙන එයි.

ඉන්දියානු ණය ආධාර යටතේ මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් මේ වන විට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ , මේ වනවිට රෝහල්වල හිඟව ඇත්තේ ඖෂධ වර්ග 12ක් පමණක් බවයි.

දැනට හිඟව පවතින ඖෂධ වර්ගද ඇණවුම් කර ඇති අතර ඒවා ඉදිරි සති කිහිපය තුළ මෙරටට ලැබෙනු ඇති බව ඔහු විශ්වාසය පළ කළේ ය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *