හදිසියේ බසයක් ගිනි ගනියි

හොරණ රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද(21) පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

බස්රථයේ එම අවස්ථාවේ මගින් හතළිහකට අධික පිරිසක් සිට ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නැත.
ගින්න හට ගැනීමත් සමගම මගින් පිටතට පැන දිවි බේරාගෙන ඇත.

රත්නපුර සිට පානදුර දක්වා මගීන් රැගෙන යමින් තිබූ බස්රථය හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට බස් නැවතුමේ නවත්වා මගීන් රැගෙන යළි ගමන් ආරම්භ කිරීමත් සමගම මෙම ගිනි ගැනීම බස් රථයේ ඉදිරිපස කොටසින් ඇතිවූ දුමාරයත් සමඟ ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.

හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවට සිතිය හැකි යැයි යයි පොලීසිය කියයි. හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *