හජ් උත්සවය අදයි

ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් ආගමික උත්සවයක් වන හජ් උත්සවය අද (29) ට යෙදී තිබේ. නබි නායකතුමන්ගේ ඉගැන්වීමට අනුව ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි.

එමෙන්ම මිනිසුන් අතර ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.
සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකේ.

ශුද්ධ වූ මක්කම නගරයේ ඉපදුණු නබි ඉබ්‍රාහිම් හා ඔහුගේ පුත්‍රයා වන නබි ඉස්මායිල් යන දෙදෙනා සම්බන්ධයෙන් ඓතිහාසික ව වැදගත් වූ හා ආගමික විශ්වාසයන් මත ගොඩ නැගුණු සිදුවීමක් අරමුණු කොටගෙන මුස්ලිම් භක්තිකයන් විසින් හජ්ජි උත්සවය සමරනු ලබයි.

හජ් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසු නැවුම් අපේක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්‍රයත්නයක යෙදී ඇති අවස්ථාවේ මෙවර හජ් උත්සවය අන්කවරදාටත් වඩා සුවිශේෂී වන බවය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *