සීතා සහ අධ්‍යක්ෂක මණ්ඩල කඹ ඇඳිල්ලකින් ජ’පුර රෝහල ලෙඩ වේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ජයවර්ධනපුර රොහලේ අධ්‍යක්ෂක මණ්ඩලය අතර කඹ ඇඳීමක් හේතුවෙන් එහි පරිපාලන හා කළමනාකරණ කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇත. 

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය හා රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලය වෙන වෙනම වැඩපිළිවෙල දෙකක් මත එහි ඉදිරි තිරණ ගැනීමට යෑමෙන් මෙම තත්ත්වය උදා වී තිබේ. 

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ මන්ත්‍රීවරුන් අතර ද මේ ගැන මත භේදයත් නිර්මාණය වී තිබේ. 

දෙපිරිස අතර කඩිනම් ඒකාබද්ධතාවයකින් යුතුව ඉදිරි ක්‍රියා මාර්ග ගන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාව පසුගියදා නියෝගයක් ද ලබා දී තිබුණි.

මාක් සිල්වා

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *