ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ අද (02) පැවැති තරගයෙන් සිම්බාබ්වේ පිල කඩුලු 9 කින් පරදා ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
බුලවායෝ හිදි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහු පළමු පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසියේ ආබාධයකට ලක්වූ ලහිරු කුමාර වෙනුවට මතීෂ පතිරණ කැඳවමිනි.
ඒ අනුව, පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම මුල් පිතිකරුවන් තිදෙනා ලකුණු 30ක් තුළ යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඩිල්ෂාන් මධුසංඛ සමත්වුණි.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සාර්ථක පිතිකරු වූ ෂොන් විලියම්ස් ලකුණු 15ක් රැස් කර සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුව ශ්‍රී ලංකා ක්‍රිඩකයන් අතින් ගිලිහි යාමේ වාසිය ප්‍රයෝජනයට ගත් ෂෝන් විලියම්ස්ගේ ලකුණු 56ක් රැස් කරන ලදි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවීරැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 165ක් පමණි.
පන්දුයැවිමේදි මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් සහ ඩිල්ෂාන් මධුසංඛ කඩුලු 3ක් දවා ගත් අතර මතීෂ පතිරණ කඩුලු දෙකක් දවා ගත්හ.
ලකුණු 166ක ජයග්‍රහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක සිය දෙවන ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 101 ලබන්නට සමත් විය . දිමුත් කරුණාරත්න ලකුණු 30ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25ක් රැස් කළේය. මෙම ජයග්‍රහනයත් සමගම ශ්‍රී ලංකා පිල 2023 ලෝක ක්‍රිකට් ශූරතාවය සඳහා සහභාබි වීමට සුදුසුකම් ලැබීය.