සිංහරාජයේ ශාක සහ සත්ත්ව කොටස් එකතු කල විදේශිකයන්ට දඬුවම්

සිංහරාජ රක්ෂිත‌යේ ශාක සහ සත්ව කොටස් එකතු කර ළඟ තබා ගෙන සිටි ඉරාන ජාතිකයන් 03 දෙනෙකුට දඬුවම් නියම කිරීමට උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.

එක් චූදිතයෙකුට රුපියල් ලක්ෂ 44 බැගින් රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂයක දඩයක් සැකකරුවන්ට අධිකරණය මගින් නියම කොට ඇත.

මෙම ඉරාන ජාතිකයන් 03 දෙනා සිංහරාජ වනාන්තරය තුළ ඇති ශාක සහ විවිධ සත්ව කොටස් එක්රැස් කරමින් සිටියදී පසුගියදා නෙළුව – ලංකාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *