සැමියාගේ ලිංගේන්ද්‍රිය ගිරයකින් කැපූ කාන්තාවට ලක්ෂ දෙකක ඇප

තම සැමියාගේ ලිංගේන්ද්‍රිය පුවක් කපන ගිරයකින් කපා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේ අනුරාධපුර යහලේගම පදිංචි ඩබ්ලිව්.පී. දර්ශිකා භාග්‍යා මාධවී දිසානායක නැමැති කාන්තාවකි. සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කර වාර්තාව නොවැම්බර් 17 වැනිදා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

මෙම කාන්තාව දිවා කාලයේ නිවසේ නිදා සිටි ඇගේ සැමියාගේ ලිංගේන්ද්‍රිය ගිරයෙන් කපා ඇති බවත්, තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරුකර යැවූ බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *