2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 18 වනදා ආරම්භ කරන බව විභාග දේපාර්තමේන්තුව පවසයි.
මෙම ඇගයීම් කටයුතු දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන 27 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකොන් සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය,
“මේම වසරේ විභාගය සඳහා අපේක්ෂකයන් 472,554ක් අයදුම් කරලා තිබුණා. එම අපේක්ෂකයන්ගේ උත්තර පත්‍රවලින් මිලියන 2.6කට ආසන්න සංඛ්‍යාවක් ඒ කියන්නේ 90%කට ආසන්න ප්‍රමාණයක් මේ අදියරේ දී ඇගයීමට ලක්කරනවා. මේ දැවැන්ත ක්‍රියාවලිය සඳහා ගුරුවරු 27,500ක් තම දායකත්වය ලබාදීමට සුදානමින් ඉන්නවා. මෙම ඇගයීම් කටයුතු පාසල් නිවාඩු කාලය තුළ සිදුවෙනවා. මේ නිසා ඇගයීම් කටයුතු හේතුවෙන් කිසිදු පාසලක් අමතර වශයෙන් වසා දැමීමක් සිදුවන්නේ නෑ. ඒ අනුව නගර 56ක ඇගයීම් මධ්‍යස්ථාන 100ක් තුළ ක්‍රියාත්මක වන ඇගයීම් මණ්ඩල 1,721 මෙම ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිතයි.”