සමෘද්ධි බැංකුවට මොකද වෙන්නෙ..

ප්‍රතිලාභය ජනතාවට ලබාදීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ලෙස ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේන අතර අදාළ ක්‍රමවේදය සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා විශේෂ සඳහා විශේෂ කමිටුවක් ද පත් කර තිබේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (17) පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ පැවති මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ද එක් වු බව සඳහන්ය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *