සමනල වැවෙන් කෘෂිකර්මාන්තයට ජලය ගැනීමට අනුමැතිය හිමි වේ

විදුලිබල උත්පාදන සදහා අවශ්‍ය විකල්ප තීරණ ගැනීමට සහ කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා වී ඇති බව වාර්තා වේ.

මේ අනුව කෘෂිකාර්මාන්තයට අවශ්‍ය උපරිම ජල ප්‍රමාණය සමනළ වැව ජලාශයෙන් ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ප්‍රකාශ කරන ලදී.

අනපේක්ෂිත වැසිරහිත කාලගුණික තත්වය යටතේ අඛණ්ඩව විදුලිබලය ලබාදීමට හා කෘෂිකාර්මික කටයුතු සදහා ජලය ලබාදීමටත් , පානීය අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජලය නිකුත් කිරීමටත් හැකියාව සොයාබලා ඒ සදහා වන විකල්ප යෝජනා හතරක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එම යෝජනා සියල්ල අමාත්‍ය කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලයට අද සවස ඉදිරිපත් කර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *