සමනල වැවෙන් උඩවලවට ජලය මුදාහැරීම ඇරඹේ

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම ආරම්භ කර තිබේ.

අද (08) අලුයම 03 සිට පළමු වටයේ දින තුනක් සඳහා ජලය මුදාහරින බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක ප්‍රකාශ කළේය.

දිනකට කියුබික් මීටර් මිලියන 3.5 බැගින් ජලය මුදාහැරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබුණි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *