සංගීත ප්‍රසංග අවසන් කිරීමට තිබු කාලය දීර්ඝ කෙරේ

සංගීත ප්‍රසංග අවසන් කිරීම තිබූ රාත්‍රී 10 සීමාව වෙනස් කකරමින් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් පැවැත්විය හැකියාව ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

එම සංගීත සංදර්ශන ආගමික ස්ථාන සහ රෝහල් වැනි ස්ථානවල සිට සාධාරණ දුරක් තබා ගනිමින් පැවැත්විය යුතු බව ද එම ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *