ශාරුක් ඛාන් අනතුරකට ලක්වෙයි

හින්දි සිනමාවේ රජු ශාරුක් ඛාන් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි රූගත කිරීමක් අතරතුර ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බව එම වාර්තා වේ.

අනතුරුව අමෙරිකාවේදී වෛද්‍ය උපදෙස් මත ඔහුගේ නාසයේ කුඩා ශල්‍යකර්මයක් සිදුකර ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එමෙන්ම අනතුරින් පසුව ඔහු නැවත ඉන්දියාව වෙත පැමිණ ඇති අතර සිය නිවසේ විවේක සුවයෙන් පසුවන බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *