ශානී අබේසේකර නිදහස්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු 04 දෙනෙකු නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් විනිසුරු ශිරනි චතුරන්ති පෙරේරා නියෝග කළාය.

එම හතර දෙනාට එරෙහිව පනවා ඇති නඩුව සම්බන්ධයෙන් වැඩිදුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බව නීතිපතිවරයා විසින් දැනුම් දුන් බව කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විසින් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම තින්දුව ප්‍රකශ කළාය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේ 2014 වසරේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාළ අධිකරණ කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි ලබා දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *