ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ වෘතිකයෝ වර්ජනයක් අරඹති

වැ‍ටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් 09ක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ සියලුම වෘත්තිකයින් හෙට (23) සංකේත එක් දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර් ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසයි.

මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සමිතියේ ලේකම්වරයා හා සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිය සංගමයේ ලේකම්වරයාගේ අත්සන්වලින් යුක්තව මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක,ගුරු විද්‍යාල 08 ක හා ගුරු වෘත්තීය සංවර් ධන මධ්‍යස්ථාන 113ක සේවය කරන අතර ඔවුන්ගේ වැ‍ටුප් විෂමතාව පැන නැගී මාස 17ක් ගතව ගොස් තිබිය දීත් සාධාරණ විසඳුමක් මෙතෙක් ලබා දී නැතැයි ඔවුහු චෝදනා කරති.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *