ශ්‍රී ලංකා ක්‍රිකට් නිළධාරීන් ගෙදර යවන යෝජනාවට ජ.වි.පෙ ඡන්දය නොදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරී මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරය පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගැනීමේ ඡන්දය පාර්ලිමේන්තුවේදී අද (09) පැවැත්වුනි . ඊට පාර්ලිමේන්තු සභාගර්භයේ ඒ මොහොතේ සිටි සියළු මන්ත්‍රීවරුන් ඒකමතිකව සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එම යෝජන අද සියලු පාර්ලිමේන්තු මන්ත්‍රී‍රවරුන්ගේ එකඟතාවමත සම්මත විය .

කෙසේ වෙතත් අදාළ ජන්ද විමසීමේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගී වී නොසිටීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා ඊයේ (08) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය විය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *