ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීයාකාරීත්වය අත් හිටවා ඇත. ඒ අනුව 1973 අංක 25 දරනා ක්‍රීඩා පනතෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලැබි ඇති බල තල අනුව මෙම තීරණය ගත් බව අමාත්‍ය රොෂාන් රණසිංහ නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.
නව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ලෙස කිටපු නායක අර්ජුන රණතුංග පත්කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එම්.අයි.එම්. ඉමාම්, රෝහිණී මාරසිංහ, අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, රඛිත රාජපක්ෂ, හිෂාම් ජමාල්ඩීන් පත්කර ඇත.