ශම්මි සිල්වා තුන් වැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ සභාපති ධූරයට පත්ව තිබේ. එහි ලේකම් ධූරයට මොහාන් සිල්වා සහ භාණ්ඩාගරික ධූරයට සුජීව ගොඩලියද්ද තේරී පත්ව ඇතිබව වාර්තා වෙයි. අද (20) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ඔවුන් එම ධූරය සඳහා නිතරඟයෙන් තේරී පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කළේය.
