වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් අද (30) සිට යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස සේවය කිරිම අරඹා ඇත .

සිසේරියන් සැත්කම් කිරීමේදී පැලෝපීය නාල අවහිර කර මව්වරුන් වඳභාවයට පත්කළේයැයි චෝදනා ලැබ වසර 4 ක කාලයක් රැකියාවෙන් ඉවත්ව සිටීමට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට සිදුවිය .එහෙත් ඔහුට එරෙහිව පැවති පරීක්ෂණයේදී එකී කිසිම චෝදනාවක් ඔප්පු වූයේ නැත.

වෛද්‍යවරයා නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතට අනුයුක්ත කරන ලෙස දන්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබුනි

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *