විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සියළු ඉල්ලිම් ලබදිය යුතුයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලන සියලු ඉල්ලිම් ලබාදී උසස් පෙළ ඇගයීම් ආරම්භ කිරීම රජයේ වගකීමක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. එමෙන්ම විභාග ඇගයීම් කටයුතු පමාවීමෙන් සිසුන් ලක්වන පීඩාවට ආණ්ඩුව සෘජුවම වග කිවයුතු බවද ඔහු පැවසීය. එහෙත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහචාර්ය සම්පත් අමරතුංග පවසනුයේ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ ඉල්ලීම් වලින් විශාල ප්‍රමනයක් මෙ වන විට ලබාදී ඇටහි මුත් ඔවුන් තව දුරටත් වෘතීය ක්‍රියා මාර්ග ගනිමින් සිටිනා බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසූවේ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව පමා කිරීම මගින් තරුණ අසහනය වැඩි කර, ඔවුන් මහ පාරට ඇද දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට බුද්ධි වාර්තා ලැබී ඇති බවයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *