විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු වෙනස් වෙයි

ජුලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන සංශෝධිත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ.

2023 ජූනි මස 23 වන දිනැති අංක 2337/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කර තිබේ.

මෙහිදී රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රි ලාංකිකයෙකුම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබන අතර විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම සඳහා කාර්යාංශය විසින් බලපත්‍ර ලබාදෙනුයේ වසරක කාලසීමාවක් සඳහා වන බවත් එම ආයතනය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබාගැනීම පනතේ විධි විධාන යටතේ සිදුකළ යුතුවේ.

වැඩිදුර තොරතුරු, කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 1989 ඇමතීම මගින් ලබාගත හැකි බව දන්වා ඇත.

අදාළ ගැසට් නිවේදනයට අනුව 2023.06.27 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කර ඇති නියෝගය පරිදි සංශෝධනය කර ඇති ගාස්තු පහතින්.

1) විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව

පැවති අගය – රු.17,928.00 (බදු සමග)

නව අගය – රු.21,467.00 (බදු සමග)

2) ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව

පැවති අගය – රු.3,774.00 (බදු සමග)

නව අගය – රු.4,483.00 (බදු සමග)

3) රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව

පැවති අගය – රු.58,974.00 (බදු සමග)

නව අගය – රු.117,949.00 (බදු සමග)

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *