විදෙස් වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගැනීමට තීරණය කරයි

පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගත් වෛද්‍ය උපාධි ලෙස පිළි ගැනීමට රජය තීරණය කර ඇත. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයන් ලබා දෙන වෛද්‍ය උපාධි පිළිගැනීම මත පදනම් වූ ප්‍රමිති හා නිර්ණායක ඇතුලත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක් පත් කිරීමට ද අනුමැතිය හිමි වී තිබේ.

එමෙන්ම වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන වත්මන් තත්ත්වයන්ට සරිලන පරිදි සංශෝධනය කිරීමට ද සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද දන්වා ඇත. ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක 01 සිට 1000 දක්වා වූ විදේශීය විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගැනීමට ලක්වෙයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *