විදෙස් ගත ලාංකිකයන්ටත් ඡන්දය දෙන්න අවස්ථාවක්

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් 08 වනදා පාර්ලිමේන්තුවේදී රැස්විය. එම අවස්ථාවේදී විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව සාකච්චා කෙරුණ බව වාර්තා වේ.

එහිදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායකය ලබාදෙන ඹ්නෑම නිර්දේශයක් අනුව අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බවයි.

එසේම මාර්ගගත (on-line registration) තාක්ෂණය ඔස්සේ ඡන්දය ලබාදීමට ලියාපදිංචිවීමේ ක්‍රමවේදයක් ද මේ වන විට සකස්කොට ඇති බව බවත්, ඒ ඔස්සේ විදෙස් ගත ලාංකිකයන්ටද ඡන්දය ලබාදීම පිණිස ලියාපදිංචි වීමේ හැකියාව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *