විදුලි සේවකයින් හෙට කරන්න යන දේ මෙන්න

සියලු විදුලි සේවකයින් කොළඹට කැඳවා හෙට (01) දිනයේ දැවැන්ත විරෝධතාවක නිරත වන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

විදුලි බිල වැඩි කිරීම, ලංකා විදුලිබල මණ්ඩලය විකිණීම සහ වැටුප් විෂමතාවය ඉවත් නොකිරීමට එරෙහිව විරෝධය පළ කරමින් මෙම විරෝධතාවයේ නිරත වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කළේය.

එමෙන්ම අනිද්දා (02) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.

ඒ සඳහා දිවයින පුරා සියලු බලාගාර, කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *