විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසයි

අද(27) පෙරවරු 09 සිට මධහ්න 12 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී යෝජිත විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැපැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහන් කළේය.

එළඹෙන ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *