විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් අත් අඩංගුවට

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද පා ගමනක් දිවුලපිටිය නගරයෙන් අද (01) පෙරවරුවේ ආරම්භ විය. මෙම විරෝධතාව අතරතුර පුද්ගලයින් 6 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ.

එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සහ හිමි නමක්ද වන බව වාර්තාවේ.

පාගමන ආරම්භයේදී මාධ්‍යට කරුණු දක්වමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ තම අරමුණ විදුලිබල අමාත්‍යංශ දක්වා පා ගමණින් ගොස් විරෝධය දැක්වීම බවය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *