විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ඉරානයෙන් ලංකාවට තෑගි

සිය විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම මෙන්ම විශේෂඥතා ශ්‍රී ලංකාව ඇතුළු මිතුරු රටවල් සමඟ බෙදා ගැනීමට ඉරානය සූදානම් බව එරට ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි පවසයි.

ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ ටෙහෙරාන් නුවර ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ඉරාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික සහයෝගීතා කොමිසම යළි සක්‍රිය කළ යුතු බවය.

එමෙන්ම අධිරාජ්‍යවාදී සහ ආත්මාර්ථකාමී විදේශ මැදිහත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂාකාරී වියයුතු බව ද ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *