ව්‍යාජ ඕස්ට්‍රියානු ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පමිණි ඉරාන කාන්තාවක් අත් අඩංගුවට.

ව්‍යාජ ඔස්ට්‍රියානු විදේශ ගමන් බලපත්‍රයකින් පසුගිය 8 වෙනිදා ශ‍්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතික කාන්තාවක් එම විදේශ ගමන් බලපත්‍රයෙන්ම රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය

53 හැවිරිදි මෙම කාන්තාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේදී ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාව බලා යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන ආරංචි මාර්ග පවසයි.

මෙම කාන්තාව සතුව තිබූ ඔස්ට්‍රියානු විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කළ එකක් බව ගුවන්තොටුපොල්‍ර්‍ර් පැමිණීමේ පර්යන්තයේ ඔවුන්ගේ පරිගණක පද්ධතියට අනාවරණය වූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය .

මෙම කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඩුබායි බලා යාමට තම නියම ඉරාන විදේශ ගමන් බලපත්‍රය රැගෙන ටෙහෙරානයේ සිට පිටත්ව ගොස් ඇති බව ද බලධාරීහු පද්ධතිය හරහා අනාවරණය කරගෙන ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *