ගොවිතැනට අවශ්‍ය ජලය ජලාශවලින් මුදා හැරීමට කටයුතු නොකළහොත් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වැටලීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සඳහන් කරයි. විදුලිය නැතුව කරුවලේ සිටියද බඩගින්නේ සිටිය හැකිදැයි ඔහු ප්‍රශ්ණ කළේය.
ආණ්ඩුව කුමන සැලසුම් හැදුවත් පවතින නියං තත්ත්වය හමුවේ ඉදිරියේදී අනිවාර්යෙන්ම විදුලිය නිෂ්පාදනයට සඳහා ඉන්ධන යොදා ගැනීමට සිදු වන බවත් එනිසා දැන ගන්නා තීන්දු හේතුවෙන් අසවැන්නත් නැතිව විදුලියත් නැති වන තත්ත්වයට පත්වන බවත් ඔහු පැවසීය .
රජය සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් සදුදා (අද) හවස් වන විට වලව ගොවින් සමග විදුලිබල මණ්ඩලය ප්‍රධාන කාර්යාලය ආක්‍රමණය කරන බව ඔහු පැවසීය .