වර්ජනයෙන් රෝහල් ඇතුළු සේව රැසක් බිඳ වැටේ

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති අද (15) දින දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජය විසින් ක්‍රියාත්මක නව බදු සංශෝධන, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇත.

මේ වනවිට දිවයිනේ සෑම රජයේ රෝහලකම වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, රසායනාගාර සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදින් මෙන්ම රෝහල් කණිෂ්ඨ සේවකයින් ද වර්ජනයට එක්ව සිටියි.

එමෙන්ම දිවයිනේ සියලුම පාසල්වල අද දිනයේ වර්ජනය ක්‍රියාත්මක බව ගුරු හා විදුහල්පති සංගම් පවසයි.

එමෙන්ම වරාය සේවකයින්ද මේ වනවිට වර්ජනයේ නිරත වෙයි.

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටරවරුන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති රැසක් මේ වනවිටත් වර්ජනය ආරම්භ කර තිබේ.

වර්ජනය පැවතියද ගාල්ල සිට අද පෙරවරුවේ කාර්යාල දුම්රියක් කොළඹ කොටුව බලා ධාවනය ආරම්භ කර තිබුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *