සීදූව රද්දොළුගම සාම මාවතේ පිහිටි පාළු නිවසක තිබී මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මින් එක සිරුරක් වයස අවුරුදු 04 ක දැරියකගේ වන අතර, ගෙල වැලලාගෙන මියගොස් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක්ද ඊට සමීපව තිබී හමුවී ඇත. ගෙල වැලලාගත් පුද්ගලයා මියගිය දැරියගේ පියාගේ සොහොයුරෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, දැරිය මියගිය ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත.