වන විනාශය මානවයාගේ අවසානයයි.

වගා කළ හෝ නොකළ භූමි හෝ කදුවැටි සහ වනාන්තරවල හරිත වර්ණ ශාක ගිනි නොතබන්න. අනවශ්‍ය ලෙස ශාක කපා බිම නොදමන්න. පොකුණු ගංගා සහ සමූද්‍රවලට වස විස සහ දුෂක මුදා නොහරින්න. මහපොළව විනාශවන සේ තැන තැන බිඳ කණීම් නොකරන්න. චීන දාර්ශනික ලාඔට් සූ1

පෘථිවියේ සමස්ත භූමියෙන්30% ක් වනනානත්ර වලින්ආවරණය වී ඇත. පෘථිවිය මත ශාක ත්‍රිලියන 3.04 ක් ඇතැයි නවීන සැටලයිට් තාක්ෂණය උපයෝගි කර ගනිමින් තක්සේරු කර ඇත. ඒ අනුව පෘථිවිය මත වර්තමානයේ වෙසෙන සෑම මානවයකුට සමානව ශාක 422 ක් පමණ විසිරී ඇත.2 ඉතා යහපත් වන ගහනයක් කැනඩාව, රුසියාව, ගබෝන්, බොලිවියා, ගයනා සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දැක්නට ලැබේ. වසර 12,000කට පෙර ගංගාධාර (ගොවිතැන මුල් කර ගත්) මානව ශිෂ්ටාචාරය ආරම්භවීමට පෙර මහිතලය මත ශාක ත්‍රිලියන 6 ක්-හෙක්ටයාර බිලියන 6 ක් පුරා විසීරී තිබෙන්නට ඇතැයි උද්භිද විද්‍යාඥයෝ උපකල්පනය කරති. වර්තමානයේ ආසන්න වශයෙන් හෙක්ටයාර බිලියන 3 ක ශාක ව්‍යාප්තිය දක්නට ලැබේ. ආරම්භයේ සිට මානව ශිෂ්ටාචාර යටිතල පහසුකම් සහ වානිජ කෘෂිකර්මානත්ය සඳහා හෙක්ටයාර බිලියන 3 ක පමණ වන ගහනය වනසා ඇත.සෑම වසරකම ශාක බිලියන 10ක් වන දඩයක්කරුවන් සහ අවිධිමත් දේශපාලන සංවර්ධනය විසින් වනසා දමනු ලැබේ. බොහෝ රාජ්‍යයන් හි විධිමත් සහ පරිසරය සමග අනුගත වූ වන සංරක්ෂණයක් දක්නට නොලැබේ. ආර්ථික සංවර්ධනය නමැති මිත්‍යාව සහ අධික ලාභය මත යැපෙන මංකොල්ලකාරී දේශපාලනය සමස්ත පෘථිවියම මහා අභාවයක් වෙත කඳවා ගොස් අවසන්ය. 1920 සිට අමෙරිකා එක්සත් ජනපදයේ පමණක් වනාන්තර 2/3 ක් සංරක්ෂණයෙන් තොරව වනසා ඇත. කාර්මිකරණයෙන් පසු වන විනාශය 400% ගුණයකින් ඉහළ ගියේය.

සැටලයිට් තක්සේරුවට අනුව ලොව පුරා ශාක ත්‍රිලියන තුනක් වූව ද එය බෙදී ගොස් ඇති ස්වභාවය එනම් අඩක් (50%) රාජ්‍යයන් 249 කින් 5 කට පමණක් සීමාවේ. එම රාජ්‍යයන් 5 නම් රුසියා, කැනඩා, බ‍්‍රසිල්, එක්සත් ජනපදය සහ චීන යයි. ආසන්න වශයෙන් ගෝලීය සමස්ත ශාක ප‍්‍රමාණයෙන් ශාක 2/3 ක් ඇති රාජ්‍යයන් ලෙස එම ලේඛනයට කාන්ගෝ ජනරජය, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියා, පීරු සහ ඉන්දියාව අයත්වේ. කිසියම් රාජ්‍යයක වන ඝණත්වයේ සාර්ථකත්වය මනිනු ලබන්නේ රට පුරා විසිරී ඇති ව. කි. මීටරයක ශාක ප‍්‍රමාණය ගණනය කිරීමෙනි. ශාක ඝණත්වය ඉතා පොහොසත් රාජ්‍යයන් ලෙස ෆින්ලන්තය, ස්වීඩනය, ස්ලෝවේනියාව, නිවර්තන ගිනියා, ප‍්‍රංශ ගිනියා සහ තයිවනය ඉදිරියෙන්ම සිටී. ශාක ශූන්‍ය කාන්තාර ලක්ෂණ ඇති රාජ්‍යයන් ලෙස කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ග්‍රින්ලන්තය හැඳින්විය හැක.

කාන්තාර දෙශගුණික තත්වයන් ඇති රාජ්‍යයන් හි ශාක අතිශයින්ම දුර්ලභය. ඊජිප්තුව එක් පුද්ගලයකු සඳහා ඇත්තේ එක් ශාකයක් පමණි. ඉන්දියාවේ බිලියනයකට අධික ජනගහනයක් සිටින අතර, ශාක බිලියන 36 ක් දැකගත හැක. එක් පුද්ගලයෙකුට ශාක 36 ක් යැයි ගණනය කළ හැක. එමෙන්ම කුඩා රාජ්‍යයන් වන ජනගහනය මිලියනට වඩා අඩු ගයනා සහ ප‍්‍රංශ ගිනියාවල එක් පුද්ගලයෙකු සඳහා ශාක 20,000 ක් පමණ ඇත. කැනඩාවේ එක් පුද්ගලයෙකු සඳහා ශාක 8.953 ක් රුසියාවේ එක් පුද්ගලයෙකු සඳහා ශාක 4.461 ක් ගබෝන් හි එක් පුදගලයෙකු සඳහා ශාක 8.131 ක් බොලිවියා හි ඒක් පුද්ගලයෙකු සඳහා ශාක 5.465 ක් ගයනා හි එක් පුද්ගලයෙකු සඳහා ශාක 14.692 ක් වශයෙන් ගණනය කර තිබේ, වත්මන් කෑදර මානව ක්‍රියාකාරීත්වය මේ අයුරින් පැවතුන හොත් 2050 වසර වන විට වනාන්තරවලින් තොර භූමිය ව. සැ. මිලියනයකට වැඩි වනු ඇතැයි Center for Global Development ආයතනය මගින් සිදු කළ අධ්‍යයන වාර්තාවේ සඳහන්වේ. ලොව ප‍්‍රධාන පුරවරවල ජනගහනය අධිකව වර්ධනය වීම, ඉඩම් අවශ්‍යතාව ඉහළයාම, වානිජ කෘෂිකර්මාන්තය සහ අවිධිමත් සංවර්ධනය හේතුවෙන් මෙම ආපදාව සිදුවේ. කුඩා සහ මධ්‍යම ආර්ථික වර්ධනයක් ඇති රාජ්‍යයන් හි වන ආවරණය 1% කින් පහත වැටෙනු ඇත. වත්මන් මානව ක්‍රියාකාරීත්වය මත වන විනාශය ගණනය කළ හොත් 2050 වසර වන විට සමස්තයක් වශයෙන් ශාක ත්‍රිලියන 2 ක් පෘථිවියට අහිමිවේ. එය අනාගත මානවයාගේ සහ සියලු සත්ව ජීවීන්ගේ පැවැත්මට අනතුරුදායකය. සෑම වසරකම ආසන්න වශයෙන් ශාක බිලියන 10 ක් පෘථිවියට අහිමිවේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ‍්‍රී ලංකාව අතහැර යන විට සමස්ත භූමියෙන් 60% ක් වනයෙන් වැසී තිබිණ. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ වන ගහනය 20%කට අඩු ප‍්‍රතිශතයකි.

පෘථිවිය මත ශාක 30% ක් ආවරණයක් දක්නට වූව ද, 1990-2016 කාලයේ පමණක් වනාන්තර ව. සැතපුම් 502,000 ක් (ව. කි. මීටර මිලියන 1.3) විනාශ කර ඇතැයි ලෝක බැංකු 3 වාර්තාවේ සටහන්වේ. මානවයා ඒකස්ථානීව ශිෂ්ටාචාර ආරම්භ කිරීමත් සමග සමස්ත වන ආවරණයෙන් 46% ක් විනාශ කර ඇතැයි journal Nature4 පවසයි. ඉකුත් අඩ සියවසේ දී අමෂොනියන් වනාන්තරයෙන් 17% ක් වනසා ඇත. වනාන්තර මිහිතලය මත මනවයා ඉවත ලන කාබොන්ඩයොක්සයිඞ් පමණක් නොව, මානව ක්‍රියාකාරීත්වය විසින් වායුගෝලයට මුදාහරින උණුසුම රඳාපවතින හරිතාගාර greenhouse වායුන් ද උරාගනියි. වායුගෝලය උණුසම් වීම ගෝලීය උණුසුම හෙවත් දේශගුණික වෙනස යැයි විද්‍යාඥයෝ හදුන්වති. නිවර්තන වනාන්තර පමණක් හරිතාගාර වායූන් 23% උරා ගෙන ගෝලීය උණුසුම අවම කරයි. වානිජ කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, පතල් කැනීම් මග ින් වන විනාශයෙන් අඩක් 50% සිදු කරයි .මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ ෆාම් ඔයිල් නිෂ්පාදනය සඳහා වනාන්තර වනසා දමයි. සෑම වසරකම කඩදාසි නිෂ්පාදනය සඳහා වන ශාක 42% ක් විනාශවේ. භූමි වන සත්ව සහ ශාක ප‍්‍රජාවෙන් 80% වනාන්තර තුළ දැකගත හැක. මිලියන 250 ක මානවයන් සවානා වන භූමියේ වාසය කරයි.5

2050 වසර වන විට ශාක බිලියන 60 සිටුවීමට එක්සත් ජනපදය සැලසුම් කරයි. ඉතියෝපියාව සෑම දිනකම ශාක මිලියන 200 ක් වගා කරමින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත. එක්සත් රාජධානිය හෙක්ටයාර 1,956 ක් ශාක 3,281,000 ක් අලූතින් වගා කරයි. මහා ලැව්ගින්නෙන් පසු බ‍්‍රසීලය ශාක මිලියන 47 ක් වගා කරයි . 2019 වසරේ තුර්කිය ශාක මිලියන 11 ක් අලූතින් වගා කළේය. සෑම රාජ්‍යයක්ම-මානවයෙක්ම අනාගත අනතුර ගැන සිතා විචාරාත්මකව කටයුතු කළ හොත්, මහා විනාශය අවම කර ගත හැක.

1 ක්‍රි. පූර්ව 6-5 සියවස්වල ජීවත් වූ ලාඔට් ෂූ චීන දර්ශනයේ පුරෝගාමියාය. දා ඕවාදයේ නිර්මාතෘවරයාය.

2 Nature Journal 2015

3 World Bank 2016

4 journal Nature 2015

5 World Resources Institute

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *