වන අලි ප්‍රහාරයකින් වනජීවි නිලධාරියෙකු මරුට

ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ වන අලි පලවා හැරීමට ගිය නිලධාරියෙකු වන අලියෙකු පහරදීමෙන් මිය ගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තෙ රිටිගල වනජීවි කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකි.ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචි පී.බී.ජේ . විජේකෝන් නැමති දෙදරු පියෙකි .

ගලෙන්බිඳුණුවැව දික්වැව ප්‍රදේශයට පැමිණි වන අලි ඊයේ (28) පස්වරුවේ ප්‍රදේශයේ වගා බිම් රැසක් විනාශ කර තිබූ අතර ප්‍රදේශවාසින් සිවිල් ආරක්ෂක නිලධාරින් එක්ව වන අලි පලවා හැරීමේ කරයුතු ආරම්භ කර තිබේ.

එමෙන්ම එම මෙහෙයුමට වන ජිවි නිලධාරින් ද එක් ව ඇති අතර එම අවස්ථාවේදී රිටිගල වනජීවි කාර්යාලයේ නිලධාරියෙකුට වන අලියෙකු පහර දී තිබේ.

අදාළ නිලධාරියා රෝහල් ගත කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *