වතු පාසල් වලට ඉන්දියාවෙන් ගුරු පුහුණුවක්

ඉන්දීය රජය වතුකර ප්‍රදේශවල විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් ඉක්මනින් ශ්‍රී ලංකාවට එවන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සඳහන් කළාය.

2023 ජූලි මස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය සම්භවයක් සහිත ද්‍රවිඩ ප්‍රජාව සඳහා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා රුපියල් බිලියන 3ක බහු ආංශීය පැකේජය යටතේ ක්‍රියාත්මක කෙරෙන පළමු ව්‍යාපෘතියක් වශයෙන් මේ සඳහා සුදුසුකම්ලත් පුහුණුකරුවන් නිශ්චිත කාලසීමාවන් සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එවනු ඇත.

වතුකම්කරුවන් සඳහා සූර්ය විදුලි ලාම්පු, ස්වයං උපකාර කාන්තා කණ්ඩායම් සඳහා මහන මැෂින් යනාදිය ඇතුළු මෙම පැකේජය යටතේ ක්‍රියාවට නැංවෙන තවත් ව්‍යාපෘතීන් ඒ අනුව මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *