කඳුකර දමිළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් අද (02) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති “නාම් 200” (අපිට 200) සැමරුම් උත්සවය සමගි ජන බලවේගය විසින් වර්ජනය කර තිබේ .
ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයට පමණක් මෙම උත්සවයේ සංවිධාන කටයුතු සිදු කොට ඇති බවට චෝදනා කරමින් මෙම දේශපාලන පක්ෂ අදාළ උත්සවය වර්ජනය කිරීමට පියවර ගෙන ඇත.
එම පක්ෂය සමග, සමගි ජන සන්ධානය ලෙසින් සන්ධානගතව දේශපාලනයේ යෙදෙනා වතුකරයේ දේශපාලන නායකයන් වන පලනි දිගම්බරම්-මනෝ ගනේෂන්-වී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙම උත්සවය වර්ජනය කරනා ලදි. ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් “නාම් 200” ප්‍රධාන ආරාදිතයා ලෙසින් සහභාගි විය.