වඩිවේල් සුරේෂ්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිමට යයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ආණ්ඩුවේ යෝජනාවට සහය පළ කරන ලදි.

මෙම තත්ත්වය සලකා බලා ඔහුට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගැනීමට තම පක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය. ඒ සඳහා පක්ෂයේ විනය මණ්ඩලය ඉදිරි දින කිහිපය තුළ රැස්වීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *